Thursday, April 17, 2014

සෙනෙහස මගේ නුබ තාමත් විදිනවද

ඉරෙන් එන එලිය ගැන නුබ දන්නවද
සදේ සිසිලස ගැන නුබ දන්නවද
ගහක සෙවනැල්ල ගැන නුබ දන්නවද
සෙනෙහස මගේ නුබ තාමත් විදිනවද

පාලුව තනිකමෙන් දැන් මා වෙලාලා
නින්ද නොමැත නුබ ගැන මා සිතාලා
නුබත් විදවනවද මා ගැන සිතාලා
කියන්න සොදුරියේ මගෙ සිත හදාලා

දැනුනු විටදි ඉස්සර දුක මගේ හදට
නුබ සිටියා ලගින් ඒ දුක මගෙ නිවන්නට
නුබ දුර ගොසින් නැහැ දැන් නුබ පෙ‍නෙන්නට
වෙන කෙනෙකුනම් එපා ඒ දුක මගේ නිවන්නට

මතකද නුබට මගේ හිස අත ගාපු හැටි
විජේ එකෙන් වටලප්පන් කාපු හැටි
සරසවි උයනේ රේල් පාරේ වැටුන හැටි
පුන් කලසේ නුබ එනකම් හිටපු හැටි

පුදුමයි සොදුරියේ නුබේ ආදරය මට
අත අල්ලන් හිටියා දවසක් හරි තදට
එපා බසින්නට නුබ දුක වැඩි කමට
මතකද ඒ දෙය වුන තැන නුබට

දින දින ගෙවෙනවා දැන් දැන් ඉක්මනට
දැනෙනවා වැඩි දැන් දුක මගේ හදට
ඉවසගන්න බැරිවුන විට හඩනකොට
සිහිනේන්වත් නුබ අවිදින් මගේ ලගට
හිමින්සැරේ මගේ හිස පිරිමදිනවද...

No comments:

Post a Comment