දැක්ක අද
ගොඩක් ලස්සනයි ඔයා
එනවනේද
ආයෙත් ජිවිතේට මගේ
කවුරු මොනව කිව්වත්
ඔයාට තේරෙනව ඇති මගේ ආදරේ ගැන
එ්ක තාමත් දැනේනනේ තේරෙන්නේ නැත්තම්
ඒක තමා පුදුමේ
ඔයාට මං නැතුව පාලුද?
මමනම් ජිවත් වෙනවට ජිවත් වෙනවාෙ
දන්නවද මම ඔයා මතක් වෙන්නේ නැති වෙලාවක් හොයනවා
ඔයාට තියනවද මම මතක් වෙන්නේ නැති වෙලාවල්
හැම තැනම ඔයා ඉන්නේ
ඔයා ලග නැති වුනත්
Friday, May 2, 2014
Thursday, May 1, 2014
මග බල බලා නෙතු දව දවා රත්තරං මං මග බලා සිටියා
ඔබ එන්න
ඔබ ඇවිත් යන්න එන්න
සෞමිය සද සේමා
මට රූසිරි බෝමා
සන්සුන් ගමනේ රූසිරි බෝමා
ආදරේ නොකියා ඉන්නේ කොහොමා
මගේ රන් කදට මම ආදරෙයි
මගේ රන් කදට මම ආදරෙයි
ඔබ නොදැක බැරුවා
ඔබ නැතිව බැරුවා
ඔබ නොදැක බැරුවා
ඔබ නැතිව බැරුවා
මග සොය සොයා
මුව සල සලා
සත්තකයි මං
ඔබ එතැයි සිතුවා
ඔබ එන්න
ඔබ ඇවිත් යන්න එන්න
මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා
මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා
මග බල බලා
නෙතු දව දවා
රත්තරං මං
මග බලා සිටියා
ඔබ එන්න
ඔබ ඇවිත් යන්න එන්න
ඔබ එන්න
ඔබ ඇවිත් යන්න එන්න
ඔබ එන්න
ඔබ ඇවිත් යන්න එන්න
ඔබ එන්න
ඔබ ඇවිත් යන්න එන්න
Tuesday, April 29, 2014
ඔයා
වෙලාවකට
ඔයා කොහෙ හරි සතුටින් ජිවත් වෙයි කියල හිතෙද්දි
මම කොච්චර දුක් වින්දත් කමක් නෑ කියල හිතෙනවා.
Sunday, April 27, 2014
එත් මම තාම හිතනව දවසක් එයි කියල ඔයා මගේ වෙන...
ඉස්සර තනියම දුක වින්දා
පස්සේ මගේ දුක ඔබට කිව්වා
ඔබේ දුක මට කිව්වා
අන්තිමේදි ඔයා දුක කියන එක නැවැත්තුවා
මම දිගටම දුක කිව්වා
ඔයාට ඒක දරාගන්න බැරිවුනා
ඔයා ඔයාගේ ලෝකේ
මම මගේ ලෝකේ
මගේ ලෝකේ ඔයාට මම හිතට හැමදේම කයනවා
මගේ ලෝකේ ඔයාට කියන ඒවා ඔයාගේ ලෝකේ ඔයාට ඇහෙනවද මම දන්නේ නෑ
මම දන්නවා දැන් ඔයා මම නැතුව ගොඩක් දුර ගිහිල්ල කියල
එත් මම තාම හිතනව දවසක් එයි කියල ඔයා මගේ වෙන...
:(
අන්තිමේදි ගෙදරින් කැමති වුනා
එතකොට ඔක්කොම විනාශ වෙලා
මගෙ හිතත් මැරිලා
ඔයා එනකම් හිත හැමදාම බලන් ඉදී..
එතකොට ඔක්කොම විනාශ වෙලා
මගෙ හිතත් මැරිලා
ඔයා එනකම් හිත හැමදාම බලන් ඉදී..
Thursday, April 24, 2014
සගවන්න ඔය නිල් නුවන්- සැගවෙන්න මගෙ ඇස් වලින්
සගවන්න ඔය නිල් නුවන්- සැගවෙන්න මගෙ ඇස් වලින්
ඔබ දුටුවෝතින් යලි හිත වාවනු බෑ.....
අහසේ තරු නැති රැ - සද එලියක් නැති රැ.....
වලාකුලු අතරේ සගවන්න ඔය නිල් නුවන් මගේ දිහා නොබලා....
හමු වුනු ලන් උනු අප පෙම් කතහන්දරේ..
පැටලුනු දැවටුනු සිතුවිලි සිරකෙරුවේ....
ආදරයේ බිදුවක් වත් අඩුව නොවේ....
දයිවයේ සරදම් අප වෙන් කෙරුවේ....
සගවන්න ඔය නිල් නුවන්- සැගවෙන්න මගෙ ඇස් වලින්
ඔබ දුටුවෝතින් යලි හිත වාවනු බෑ.....
කිව කතා තුන් යමේ මතක් උනා....
කදුලු ගලා දුටු සිහිනය බොදව ගියා...
ජිවිතයම අප ලන් වි ඉදිමු කියා ....
පැතු පැතුම් අප දෙහදේ ඉකි බිදිනා....
සගවන්න ඔය නිල් නුවන්- සැගවෙන්න මගෙ ඇස් වලින්
ඔබ දුටුවෝතින් යලි හිත වාවනු බෑ.....
Thursday, April 17, 2014
සෙනෙහස මගේ නුබ තාමත් විදිනවද
ඉරෙන් එන එලිය ගැන නුබ
දන්නවද
සදේ සිසිලස ගැන නුබ
දන්නවද
ගහක සෙවනැල්ල ගැන නුබ
දන්නවද
සෙනෙහස මගේ නුබ තාමත්
විදිනවද
පාලුව තනිකමෙන් දැන් මා
වෙලාලා
නින්ද නොමැත නුබ ගැන මා
සිතාලා
නුබත් විදවනවද මා ගැන
සිතාලා
කියන්න සොදුරියේ මගෙ සිත
හදාලා
දැනුනු විටදි ඉස්සර දුක
මගේ හදට
නුබ සිටියා ලගින් ඒ දුක
මගෙ නිවන්නට
නුබ දුර ගොසින් නැහැ
දැන් නුබ පෙනෙන්නට
වෙන කෙනෙකුනම් එපා ඒ දුක
මගේ නිවන්නට
මතකද නුබට මගේ හිස අත
ගාපු හැටි
විජේ එකෙන් වටලප්පන්
කාපු හැටි
සරසවි උයනේ රේල් පාරේ
වැටුන හැටි
පුන් කලසේ නුබ එනකම්
හිටපු හැටි
පුදුමයි සොදුරියේ නුබේ
ආදරය මට
අත අල්ලන් හිටියා දවසක්
හරි තදට
එපා බසින්නට නුබ දුක
වැඩි කමට
මතකද ඒ දෙය වුන තැන නුබට
දින දින ගෙවෙනවා දැන්
දැන් ඉක්මනට
දැනෙනවා වැඩි දැන් දුක
මගේ හදට
ඉවසගන්න බැරිවුන විට
හඩනකොට
සිහිනේන්වත් නුබ අවිදින්
මගේ ලගට
හිමින්සැරේ මගේ
හිස පිරිමදිනවද...
යමක් සොදුරිය ඇත අසන්නට පවසන්න මගේ දුක මකා
යමක් සොදුරිය ඇත අසන්නට
පවසන්න මගේ දුක මකා
සිතින් විදිනා දුක මකන්නට
හැකිවේද ඔබහට මෙමා...
වසර හතරක් පැතු පැතුමන්
අපිදෙන්න එකතුව සිතු
ඉරි තැලි ඇත පාලුවී ඇත
මාලිගය එකතුව සැදු...
පෙම්වතිය නුබ
යායුතුව ඇත දුර රටක දුක් සිතින්
සිහිකරනවිට දුරක යන බව
හද දවයි සෝතාපයෙන්...
ලගාවන බව හැම දිනක නුබ
යන දිනය සිහිවෙමින්
සැනසුමක් සොයන්නට හිතේනවා මට
මරනයෙන් හෝ මත්පැනින්...
බුදු දහමේ ඇති නිවන දුර බව
හැගෙනවා ඒ පිලිතුරෙන්
එවිට ආයෙත් දුක් විදිනවා මම
කියා ගනු බැරි ආදරෙන්...
හැකිවේද අපහට එකතු වන්නට
දුක් නසා සිත මුල් පෙමින්
හැකිවුනොත් මම සිසිල දෙනවා
මහ රුකක් වී නුබ ලගින්...
Wednesday, April 16, 2014
සාමාවෙයන් සොදුරිය මා හට
අනේ කොහොමද ඔහොම ඉන්නේ
මොකුත් උනෙ නෑ වගේ
ඉකි ගගහ හඩනවා හිත
නුබ මතක්වෙන හැමවෙලේ
රෑට නින්දක් නැතිතරම් නුබ
නින්ද ගෙනගොස් මා ලගින්
සිහින ගෙනමින් නිදනවිට මා
ලගින් හිදි, මා සනසමින්
අවදි වු විට සොයමි නුබ මා
දුටුව හිනය පිරමින්
සදාකාලික පතමි සිහිනය
නුබ මා ලග රැදෙයි නම්
දැනේනවා හද දවනවා
රක්ත වු උණු ලොදියෙන්
මතක් වන විට මාව හැර යයි
පිට රටක නුබ තනි වෙමින්
කිසි දිනක් මට සිතන්නට බෑ
නුබ නොමැති ලොකයක්
යනවිටදි මම මහමගදි
සොයයි නුබේ නෙතු සිහිනයක්
දන්නවා මට දැනෙනවා
නුබ විදපු හැටි දුක් ගොඩක්
රිදෙනවා ඇති රිදෙනවා
මගෙ හිතත් වගෙ නුබෙ හිතත්
සාමාවෙයන් සොදුරිය මා හට
තාමත්
සොයනවා මම පිළිතුරක්....
Tuesday, April 15, 2014
හිත හොදටම ලෙඩ වෙලා
හිත හොදටම ලෙඩ වෙලා
නින්දත් අරන් ඔයා ගිහින්‍ෙ
බෙහෙතක් තියනවා
එත් ඒක ජීවිතේටම ගන්න වෙන්නේ නෑ
ඔයා කිවුවා එහෙම
Subscribe to:
Comments (Atom)


